Web Analytics Made Easy - Statcounter

See also ebooksgratis.com: no banners, no cookies, totally FREE.

CLASSICISTRANIERI HOME PAGE - YOUTUBE CHANNEL
Privacy Policy Cookie Policy Terms and Conditions
විකා - Wikipedia

විකා

From Wikipedia

Wicca දර්ශනයේ සංකේතය වන Pentacle. මෙහි කෝණ වලින් සංකේතවත් වන්නේ පංච මහා භූතයන් ය.
Wicca දර්ශනයේ සංකේතය වන Pentacle. මෙහි කෝණ වලින් සංකේතවත් වන්නේ පංච මහා භූතයන් ය.

විකා (Wicca) යනු ස්වභාවධර්මය හා සඹැඳි දර්ශනයකි. සමහරුන් ආගමක් ලෙසද සලකන මෙය ලොව පුරා නොයෙක් රටවල ශීග්‍රයෙන් ප්‍රචලිතවෙමින් පවතී. 1954 දී පමණ මෙය පොදු මහජනයා අතර ප්‍රචලිතකරීමට දායක වී ඇත්තේ ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතාය. ඔහු, ශ්‍රී ලංකාවේ යටත් විජිත පාලන සමයේ ලංකාවේ සේවය කල මහජන සේවකයෙකි.[1] ඔහු පවසන පරිදි මෙම දර්ශනය අතීතයේ පැවති (එතෙක් රහසිගතව සුරැකුනු) Witchcraft ආගමේ වර්තමාන අවස්ථාවයි.[2]

ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතා විසින් ආරම්භ කල සම්ප්‍රදාය Gardnerian Wicca ලෙස හඳුන්වන අතර එදා පටන් Wicca හා සම්බන්ධ නොයෙක් සම්ප්‍රදායන් ප්‍රචලිත විය. මේ එක් එක් සම්ප්‍රදායන්ගේ විශ්වාස හා අභිචාරවිධි වල සුලු වෙනස්කම් පවතී. බොහෝමයක් සම්ප්‍රදායන් තවමත් රහසිගතව පවතී.

පටුන

[edit] මූලික සිද්ධාන්ත

Wicca වල එ‌්ක සම්මත මූලධර්මයක් (මූලධර්මවාදයක්) නොමැති නිසා පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙන්ම සම්ප්‍රදායෙන් සම්ප්‍රදායටද විශ්වාස හා ඇදහිලි ක්‍රම වෙනස් විය හැක. නමුත් ඉතාම මූලික සිද්ධාන්ත හා වටිනාකම් එලෙසම පවතී.

Wicca වල මූලිකම නීතිය හා වටිනාකම වන්නේ "කිසිවකුටවත් හානියක් නොවේනම් (පමණක්), ඔබට කැමැත්තක් කරව!", (An' it harms none, Do what thou wilt).

Wicca යනු සොබාදහම මෙන්ම ගුප්ත ශාස්ත්‍ර හා Witchcraft සම්බන්ධ දැනුම් පද්ධතියකි.

[edit] දේවත්වය

ආගමක් ලෙස Wicca බහු-දේව-වාදී වේ, (බහුතරයකට අනුව ද්වී-දේව-වාදී වේ). Wicca දහමට අනුව දේවත්වය යනු සොබාදහමේ ජීව-ශක්ති ස්වභාවයට පුද්ගල චරිත දෙකක් ආරුඪ කිරීමකි.[3]

දේවතාවිය හා දෙවියා දෙපසක සිට සොබාදහම සමතුලිත කරන ලෙස දක්වා තිබේ. මෙහිදී ප්‍රධාන වශයෙන් ස්ත්‍රි හා පුරුශ ලිංගිකත්වය අදහස් වේ. සමහර තැන් වල මොවුන් සූර්යයා හා චන්ද්‍රයා ලෙස සංකේතවත් වේ. අතීතයේ මිනිසා සශ්‍රීකත්වය හා සරු බව සම්බන්ධව දේවතාවිය ඇදහූහ. ශක්තිය, දඩයම් කිරීම ආදිය සම්බන්ධව දෙවියා ඇදහූහ.[2] මෙම දෙවියා හා දේවතාවිය යන සංකල්ප පුරාණ කැළෑ දෙවියන් (Horned God: Cernunus) හා සොබාදහමේ මාතාව (Great Mother) යන සංකල්ප වලින් බිහිවන්නට ඇති බව ගාර්ඩ්නර් මහතාගේ මතයයි.

[edit] දේවතාවිය

ෆ්‍රන්සොස් බෝචර්ගේ ගේ චිත්‍රයක ඩයානා දේවතාවිය. දේවතාවිය අර්ධ චන්ද සංකේතය ඇති නලල් පටක් පැලඳ ඇත.
ෆ්‍රන්සොස් බෝචර්ගේ ගේ චිත්‍රයක ඩයානා දේවතාවිය. දේවතාවිය අර්ධ චන්ද සංකේතය ඇති නලල් පටක් පැලඳ ඇත.

අද කාලයේ බොහෝ සම්ප්‍රදායන් වල දෙවියාට වඩා දේවතාවියට විශේෂ තැනක් දී ඇති බව පෙනේ. දේවතාවිය, චන්ද්‍ර සංකේතයෙන් තුන් ඈදුතු ස්වරුපයක් ගනී. එනම් දේවතාවියගේ ත්‍රිත්ව ස්වභාවයක් චන්ද කලා තුනක් සමඟ සම්බන්ධ කරගැනීමයි. එනම් තරුණිය, මව හා මැහැල්ල යන සංකල්පයයි.


[edit] පංච මහා භූතයන්

පංච මහා භූතයන් විකා දහමේ ලෝක දර්ශනයේ විශේෂ තැනක් ගනී. ලෝකයේ සියලුම ප්‍රපංච හා බලවේග මෙම මූලද්‍රව්‍ය එකක් හෝ කිහිපයක එකතුවක් ලෙස දකී.

* පඨවි - පෘථිවිය - තද බව
* ආපෝ - ජලය - දියාරු බව
* තේජෝ - ගින්න - උණුසුම් බව
* වායෝ - වාතය - සුලඟ
* භූතෝ - ජීවය - ජීවී බව

මොවුන් සමහරක් පළඳින Pentacle ආභරණයෙහි කෝණ පහෙන් දැක්වෙන්නේ මෙම පංච මහා භූතයන් ය. එහි ඉහලින්ම ඇත්තේ ජීවය සංකේතවත් කරන භූතෝ භූතයයි. නමුත් ප්‍රධාන භූතයන් ලෙස සලකන්නේ පෘථිවිය, ජලය, ගින්න හා වාතය යන අනෙක් සතරයි.

Pentacle
Pentacle

මෙම ප්‍රධාන භූතයන් සතර දිශා හා අනුබද්ධ කර මෙසේ දක්වා ඇත.

* උතුර - පෘථිවිය
* දකුණ - වාතය
* නැගෙනහිර - ගින්න
* බටහිර - ජලය

[edit] අභිචාර විධි

විකා අභිචාර විධි වල විශේෂත්වයක් වන්නේ එලිමහත් තැන් වලට ප්‍රමුඛත්වයක් දීමයි. එමෙන්ම කණ්ඩායමක් වශයෙන් ක්‍රියා කිරීමේදී වෘත්තයක ආකාරයට සිටීම සහ තනිවම ක්‍රියා කිරීමේදී වුවද වෘත්තාකාර සීමාවක් (Circle) ලකුණු කරගැනීමයි. එලිමහනේ අභිචාර කටයුතු කිරීමේදී අහසින් පමණක් ආවරණය වී සිටීම, අහස යට යන්න Sky Clad ලෙස ව්‍යවහාර වේ.

[edit] වෘත්තය

ප්‍රධාන ලිපිය: මැජික් වෘත්තය

මේ පිලුබඳව Wiccan Rede වල දක්වා ඇත්තේ,

Cast the circle thrice about තුන් වරක් වෘත්තය තනන්න
To keep the unwelcome sprits out අනවශ්‍ය ආත්ම පිටත තබා (ඇතුල් නොවීමට)

[4]

ඒ අනුව මෙසේ වෘත්තාකාර සීමාවක් ලකුණු කරන්නේ චාරිත්‍රයේ වැඩ කටයුතු වලට බාහිර භූතාත්ම වලින් සිදු විය හැකි බාධා වැලැක්වීමටය. ප්‍රධාන වශයෙන් මෙසේ පොලොවේ වෘත්තය ලකුණු කරන්නේ Atheme (ඇතේමෙ) නම් කිනිස්සක් ආකාර උපකරණයකිනි (ආයුධයක්). Seax Wicca සම්ප්‍රදායන්ට අනුව තුන් වරක් වෘත්තය ලකුණු කරන්නේ පළමුව ඇතේමෙ න්, දෙවනුව ලුණු මිශ්‍ර ජලයෙන් හා තෙවනුව සුවඳ දුමින් ය.

[edit] උපකරණ (ආයුධ)

Aetheme
Aetheme

අභිචාර විධි සඳහා යොදාගන්න උපකරණ බොහෝමයක් අතුරෙන් ඉතාම වැදගත්, ප්‍රධාන ලෙස සලකන්නේ ප්‍රධාන සතර මහා භූත හා සම්බන්ධ මේවාය.

Aetheme කිනිස්ස තේජෝ ධාතුව
Wand යශ්ථිය වායෝ ධාතුව
Chalice කුසලානය ආපෝ ධාතුව
Pentacle පස් කොන් තරුව පඨවි ධාතුව

මේ ප්‍රධාන උපකරණ වලට අමතරව වෙනත් බොහෝ දෑ තිබුනද ඒවායේ භාවිතය සම්ප්‍රදායෙන් සම්ප්‍රදායට වෙනස් වේ.[2]

බොහෝ දෙනා පිලිගන්නා පරිදි ඉතා වැදගත්ම උපකරණය වන්නේ පුද්ගලයෙකුගේ මනසයි.

[edit] සෘතු හා විශේෂ අවස්ථා

වර්ශය සෘතු අටකට බෙදා දක්වා ඇත. මේවා අතර ප්‍රධාන සෘතු සතරක් සහ අවෂේශ සෘතු සතරක් වේ. එනම්,

* Lughnasadh
* Autmn වස්සාන සැප්තැම්බර් 21
* Samhain
* Yule ශිශිර දෙසැම්බර් 21
* Imbolc ()
* Spring වසන්ත මාර්තු 21
* Beltane
* Midsummer ගිම්හාන ජූනි 21

මේවායෙන් Samhain සිට Beltane දක්වා කාලය වර්ශයේ අඳුරු අර්ධය ලෙස හැඳින්වේ. නැවත Beltane සිට Samhain දක්වා කාලය වර්ශයේ ආලෝකමත් අර්ධයයි. එම නිසා වසරේ වැදගත්ම සංවත්සර දෙක වන්නේ මෙම Samhain සහ Beltane ය.

[edit] පොහොය

පූර්ණ චන්ද්‍රයා (හෝ පුර සඳ) පායන පුර පසොලොස්වක පොහොය යනු විකා වල ඉතා වැදගත් දිනයකි. වර්ශයකට පුර පසොලොස්වක පොහොය දහ තුනක් ඇත. මෙය ඇති වන්නේ සූර්යයාගේ ආලෝකය චන්දයා මත සම්පූර්ණයෙන්ම වැටී පරාවර්තනය වන විටය.

[edit] සම්ප්‍රදායන්

විකා යනු මාර්ගයකි. එය පුද්ගලයෙකු තමා තුලින්ම අවබෝධය ලබා ගැනීමට මග පෙන්වන ධර්මයකි. සම්ප්‍රදායන් යනු පුද්ගලයෙක් තමාගේ මග පෙන්වීම ලබාගන්නේ කුමන ආකාරයෙන්ද යන්නයි. ප්‍රධාන වශයෙන් සම්ප්‍රදාය ආකාර දෙකක් පවතී. එනම්,

  • පරම්පරානුගත (Lineaged Wicca)
  • ස්ව අධ්‍යයන (Eclectic Wicca)

පරම්පරානුගත සම්ප්‍රදායන් ගුරුකුල ලෙසද හැඳින්විය හැක. මේවා පවතින්නේ කන්ඩායම් (Coven) ලෙසය. පරම්පරානුගත සම්ප්‍රදායන් යන්නෙන් පුද්ගලයෙකු ලේ උරුමයෙන් ම මෙයට සම්බන්ධ වීම අදහස් නොවේ. එයින් අදහස් වන්නේ මෙතෙක් පැවති යම් කිසි සම්ප්‍රදායකට එකතු වී (initiate) එම ක්‍රමයන් අධ්‍යයනය කිරීමය.

ස්ව අධ්‍යයනය යනු තමා විසින්ම පුද්ගලිකව ආරම්භ (initiate) කර වෙනත් සම්ප්‍රදයන් වලින් හා පොත් පත් වලින් දැනුම ලබා ගෙන තමාගේ ගමන යෑමය. බොහෝ විට මෙසේ තනිවම අධ්‍යයනය කිරීමට සිදු වන්නේ අවට ප්‍රදේශයේ (ලඟා වීමට හැකි) වෙනත් දන්නා කන්ඩායමක් නොමැති වීමය.[2]

කන්ඩායමක් (Coven) පිහිටුවීමේදී සම්මතය ලෙස සලකන්නේ සැතපුම් තුනක් අරය ඇති වෘත්තාකාර ප්‍රදේශයක (Covendom ලෙස හඳුන්වයි) සිටින පුද්ගලයන්ට එයට එක් විය හැකි බවය.[2] නමුත් මෙය එතරම් නීතියක් නොවේ, ගමන් පහසුව සලකා මෙවන් සීමාවක් පනවන්නට ඇත. මෙහි අනෙක් අදහස වන්නේ සැතපුම් සයකට එහා වෙනත් කන්ඩායමක් පිහිටුවිය හැකි බවය.

සම්ප්‍රදායකට එක් වීම හෝ ආරම්භ කිරීම යනු උත්සවාකාරයෙන් සිදු කරන චාරිත්‍රයකි. මෙසේ නව මාර්ගයට පිවිසීම පුද්ගලයෙකුගේ නැවත උපත ලෙස සැලකේ.

[edit] විශ්වාස

විකා, මිනිසා ශිශ්ථාචාරගත වීමේ ආරම්භයේ සිට පැවත එන්නකි. ප්‍රධාන විශ්වාසයන් වන්නේ ස්වභාවධර්මය දේවත්වයේ ලා සැලකීමයි. සියලුම මිනිසුන් සහ සත්වයන් සොබාදහම් මාතාව (ගායා : Gaia) ගේ දූ දරුවන් ය. සියලු දෙනා සහෝදර සහෝදරියන් ය.

පුනර්භවය හා පුනුරුත්පත්තිය, ගාර්ඩ්නර් ඇතුලු පසුකාලීනයින් විසින් පෙරදිග දර්ශන වලින් විකා දහමට ඇතුලත් කරගන්න ලද සංකල්ප වේ.

[edit] පුනර්භවය

ප්‍රධාන ලිපිය: පුනර්භවය

පුනර්භවය හෝ පුනරුත්පත්තිය යනු යම් පුද්ගලයෙකු මරණයෙන් පසුව නැවත නැවතත් උපත ලබන බවය. මෙය බොහෝමයක් පෙරදිග දර්ශන වල අඩංගු විශ්වාසයකි. විකා දහමට මෙය පසුකාලීනව එකතු වී විශ්වාසයකි.[2]

[edit] කර්මය

ප්‍රධාන ලිපිය: කර්මය

කර්මය යන්නෙහි වැදගත්ම අංගය වන්නේ යමෙක් කරන දේවල් නැවත ඔහුට ප්‍රතිවිපාක ගෙන දෙන බවට ඇති විශ්වාසයයි. කර්මය යන සංකල්පය සම්ප්‍රදායික wicca දහමෙහි අංගයක් නොවන අතර පසු කාලීනව ගාර්ඩ්නර් මහතා සහ නව සම්ප්‍රදායන් බිහි කල අය විසින් wicca දහමට පෙරදිග දර්ශන වලින් එක් කරගත් අංගයකි.

[edit] ඉතිහාසය

[edit] පින්තූර

කලාත්මකව නිර්මානය කල Pentacle සංකේතයක්.
කලාත්මකව නිර්මානය කල Pentacle සංකේතයක්.

[edit] තවද බලන්න

[edit] References

  1. http://home.earthlink.net/~xristos/GoldenDawn/biogardner.htm
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 Bucklands Complete Book of Witchcraft
  3. Pearson, Joanne; Roberts, Richard H; Samuel, Geoffrey (December 1998). Nature Religion Today: Paganism in the Modern World
  4. Rede Of The Wiccae by Lady Gwen Thompson on Green Egg magazine
  5. http://groups.google.com/group/magic-and-witchcraft-lk
  6. http://vishva8kumara.googlepages.com/wiccaindex
  7. http://wiccaandwitchcraftlk.blogspot.com


aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu -