3වන සියවස
From Wikipedia
සහස්‍රය: | සැකිල්ල:ශතකකොටුව/සහස්‍රවන |
ශතකයන්: | 1වන ශතකය · 2වන ශතකය · 3වන ශතකය |
දශකයන්: | [[Expression error: Unrecognised punctuation character "}"0s]] [[Expression error: Unrecognised punctuation character "}"0s]] [[Expression error: Unrecognised punctuation character "}"0s]] [[Expression error: Unrecognised punctuation character "}"0s]] [[Expression error: Unrecognised punctuation character "}"0s]] [[Expression error: Unrecognised punctuation character "}"0s]] [[Expression error: Unrecognised punctuation character "}"0s]] [[Expression error: Unrecognised punctuation character "}"0s]] [[Expression error: Unrecognised punctuation character "}"0s]] [[Expression error: Unrecognised punctuation character "}"0s]] |
ප්‍රවර්ග: | උපත් - මරණ සංස්ථාපනය කිරීම් - විසංස්ථාපනය කිරීම් |
3වන සියවස යනු ජූලියන් දිනදර්ශනය අනුප්‍රකාර ක්‍රිස්තු වර්ෂ 201 සිට 300 දක්වා කාල පරිච්ඡේදයයි.
පටුන |
[edit] සමාලෝචනය
ඉහත ශත වර්ෂයේදී කොමෝඩස් ගේ අභාවයෙන් පසුව රෝමානු අධිරාජ්‍යය සිවිල් යුද්ධයක ග්‍රහණයට නතු විය. කලකෝලහාල නිමා වත්ම, සෙප්ටිමියස් සෙවරස් අධිරාජයා ලෙස බලයට පත් වී, සෙවරන් රජ පෙළපත ආරම්භ කලේය. පෙර අධිරාජයන්ට හාත් පසින්ම වෙනස් වූ හේ තම ආධිපත්‍යය පවත්වා ගෙන යෑම සඳහා යුද්ධ හමුදාව එළිපිටම භාවිතා කල අතර ඒ සඳහා ඔවුනට ඉහලින්ම වැටුප් ගෙවී මද කරන ලදි. මෙහි ප්‍රතිඵලය වූයේ මොහු පිහිටවූ රාජ්‍ය පාලනය හමුදා රාජාණ්ඩුව ක් ලෙස නම් කෙරීමය. 230 ගණන් වලදී මෙම ක්‍රමය බිඳ වැටුණු අතර, ඉන් පසු වසර පනහක කාලයක් තුල පැවතියේ අධිරාජයන් විස්සනට නොඅඩු ගණනක්, එයින් බොහෝ දෙනෙක් මාස කිහිපයකට පමණක්, බලයේ රැඳී සිටි හමුදාමය අරාජිකත්වය හෙවත් 3වන සියවසෙහි අර්බූදය ලෙස හැඳින්වෙන කාලයයි. මොවුන්ගෙන් බහුතරයක් ඝාතකයින් අතින් හෝ සටනේදී හෝ මියයෑමට ලක් වූ අතර, මෙම දේශපාලන කැළඹීම නිසාවෙන් හා නැගෙනහිර දෙසින් වැඩෙමින් පැවැති පර්සියානු තර්ජනය නිසාවෙන් අධිරාජ්‍යය සම්පූර්ණ බිඳී යෑමකට ඉතාමත් ආසන්නයෙහි පැවතියේය. ඔවුන්ගේ නව සසානිඩ් පාලකයන් යටතේ අභියෝගාත්මක සුපිරි බලවතකු බවට පත් වී සිටි පර්සියාව හා සටන් වැදීමට තම රාජ්‍යය සූදානම් කරනු වස් ඉතාමත් දැඩි ප්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීමට රෝමන්වරුනට සිදුවී තිබුණි. අවසානයේදී මෙම ප්‍රතිසංස්කරණ භුක්තිවිඳීමට හැකි වූයේ ඩියොක්ලටියන් ගේ පාලන සමයේදී වූ අතර, මෙම ප්‍රතිසංස්කරණ අතුරින් එකක් වූයේ අධිරාජ්‍යය නැගෙනහිර හා බටහිර යන අර්ධ දෙකකට බෙදා එක එකක් සඳහා වෙනම පාලකයෙක් පත් කිරීමය.
[edit] සිදුවීම්
- 208: චීන වාවික හමුදාව රෙඩ්ක්ලිෆ්ස් සටනෙහි යෙදුනහ
- 212: කොන්ස්ටිට්‍යුටියෝ ඇන්ටෝනිනියානා විසින් සියළු නිදහස් රෝමන් පුරුෂයන් හට පුරවැසි භාවය ලබා දෙන ලදි
- 212–216: කරකල්ලා හි නාන තටාක
- 220: වෙයි රාජවංශය පිහිටුවීමත් සමග හං රාජවංශය නිමා වීම.
- 230–232: පර්සියාවේ සසානිඩ් රාජවංශය නැගෙනහිර රෝමානු පළාතේ තමන්හට අහිමි වූ භූමිය නැවත අත්පත් කර ගැනීම සඳහා යුද්ධයක් ආරම්භ කිරීම
- 235–284: තෙවන සියවසෙහි අර්බූදය රෝමානු අධිරාජ්‍යය කම්පනයට පත් කරයි
- 250–538: කොෆුන් යුගය, ජපානයේ යමාටෝ කාල පරිච්ඡේදයේ පළමු භාගය
- 258: වැලේරියන්විසින් ක්‍රිස්තියානු වරුන් සංහාරය කිරීම
- 260: පර්සියාවේ Iවන ෂාපූර් විසින් රෝමානු Iවන වැලේරියන් අධිරාජයා අත් අඩංගුවට ගැනීම
- 184–280: වීනයේ ත්‍රිත්ව රාජධානි කාල පරිච්ඡේදය
- 280–420: චීනයේ ජිං රාජවංශය (265-420)
- ඉන්දියාවේ සාරනාත් බෞද්ධ කලාවන්හි කේන්ද්‍රස්ථානය බවට පත් විය
- තිරිඟු ආහාර වගාවක් ලෙස මෙක්සිකෝවේ සිට උතුරු ඇමරිකාව ට ව්‍යාප්ත වීම ආරම්භ විය
- ෆුනාන් රාජධානිය ෆන් ෂි-මාන් ගේ පාලනය යටතේ එහි උච්චතම ශ්‍රී විභූතියට එළඹීම
- ගොත් වරුන් ගොතිස්කන්ඩ්සා සිට යුක්‍රේන් දක්වා සංක්‍රමනය වී චර්න්යාකෝව් සංස්කෘතිය බිහි කිරීම
[edit] වැදගත් චරිත
- ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට්
- ඩියොක්ලටියන්, රෝමානු අධිරාජයා
- ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඩියෝෆන්ටස් , විසින් ඇරිත්මැටිකා රචනය කිරීම
- පළමු ප්‍රති-පාප්වහන්සේ ලෙස සැලකෙන, හිපොලිටස්
- චීන ගණිතඥ, ලියු හුයි
- මානිකෙයි-ධර්මයහි නිර්මාතෘවර, මානි (ශාස්තෘවර)
- ඔරිගන්
- මහා ගණිතඥ, ඇලෙක්සැන්ඩ්‍රියාවේ පාපස්
- නව ප්ලෙටෝ වාදයහි නිර්මාතෘ, ප්ලෝටිනස්
- ලතින් පල්ලියේ පියා ලෙස සමහරවිට හැඳින්වෙන, ටර්ටුලියන්
- ටාඕවාදී, වං පි
- හියර්ලන්හි තර්මේ ප්‍රතිසංස්කරණය කල, M. Sattonius Iucundus
- ත්‍රිත්ව රාජධානි සමයේ විශිෂ්ඨ උපායඥයෙකු ලෙස සැලකෙන, ෂූගේ ලියැං
- ෂූ රාජධානිය ආරම්භ කල මුල් අධිරාජයා, ලියු බෙයි
- වෙයි රාජධානිය ආරම්භ කල මුල් අධිරාජයා, කඕ කඕ
[edit] නව නිෂ්පාදන, නව සොයාගැනීම්, නව අදහස්
- අවිදුර-දෘෂ්ඨිකත්වයක් තිබූ සිරියාවේ රජ කුමරියක් සඳහා ප්‍රාක්තම අවදියේ වූ ඇස් කණ්ණාඩි නිෂ්පාදනය කිරීම .
- දිශාව පෙන්වන මාලිමා යන්ත්‍රයක් ලෙස ක්‍රියා කල රෝද සහිත යාන්ත්‍රික උපකරණයක් වූ දකුණ පෙන්වන රථය, මා ජුං විසින් සොයා ගැනීම
[edit] Decades and years
සැකිල්ල:DecadesAndYears සැකිල්ල:Centuries