Web Analytics Made Easy - Statcounter

See also ebooksgratis.com: no banners, no cookies, totally FREE.

CLASSICISTRANIERI HOME PAGE - YOUTUBE CHANNEL
Privacy Policy Cookie Policy Terms and Conditions
කොරල් පර - Wikipedia

කොරල් පර

From Wikipedia

කොරල් පර
කොරල් පර

ලෝකයේ දක්නට ලැබෙන ඉතාමත් චමත්කාර ජනක වුද, වෙරළ බඩ පරිසර පද්ධතියක් වශයෙන් කොරල් පර ආශ්‍රිත පරිසර පද්ධතිය හැදින්විය හැකිය. එමෙන්ම ජෛව ක්‍රියාවලියන් ආශ්‍රිත නිර්මාණය වන භූරූප පද්ධතියක් වශයෙන්ද මෙය හැදින්විය හැකිය.

හිරිගල් ඉතා කුඩා ජීවියෙකුගේ නිර්මාණයකි.මේ කුඩා ජීවියා "පොලිප් ජීවියා" හෙවත් බුහුබාවා ලෙස හදුන්වයි. අපෘෂ්ඨ වංශික ගණයට අයත් කුඩා මෘදු විනිවිද පෙනෙන සතෙක් වන මේ ජීවියා සාගර ජලයේ ඇති කැල්සියම් කාබනේට් අවශෝශණය කරගෙන තම ශරීරයට පිටින් සැකිල්ලක් හෙවත් කවචයක් නිර්මාණය කර ගනී.මේ සතුන් දහස් සංඛ්‍යාවක් නිර්මාණය කරන ඇටසැකිලි කොරල් ලෙස හදුන්වයි.මෙම පොලිප් සතුන් හුණුගල් සැකිල්ලේ කෝප්පයකට සමාන ලෙස ජීවත් වේ. හිරිගල් පරය ආරම්භ වන්නේ තනි පොලිප් ජීවියෙකුගෙනි. සාගර ජලයේ පාවෙමින් සිටින ජීවියා තද මතුපිටක් හමු වු විට එහි පදිංචිවේ. එයින් පසු සැකිලි සෑදීම අරඹන අතර ,පැටවුන් දෙමාපිය පොලිප්ට බද්ධ වී සැකිලි සාදයි.පොලිප් ජීවියා මිය ගියද උගේ සැකිලි ඉතිරි වන අතර,ඒ සැකිල්ල මත වෙනත් ජීවීන් වර්ධනය වේ.මෙසේ වසර දහස් ගණනක් තිස්සේ පොලිප් ජීවීන්ගේ කොලණියක් මගින් සෑදෙන ඉතා ඝනකම සහිත සැකිල්ල කොරල් පරයක් හෙවත් හිරිගල් පරයක් ලෙස හදුන්වයි. පොලිප් ජීවියා සත්ව ප්ලවාංග ආහාරයට ගන්නා අතර, ඒ ජීවියා සමඟ සහජීවී ලෙස ජීවත් වන සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැලෑටිය මත කොරල් පරයේ වර්ධන ශක්තිය රඳා පවතී.පොලිප්ගේ බහිශ්‍රාවීය ද්‍රව්‍ය සහ හිරු එළිය උපයෝගී කරගෙන සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැලෑටිය ප්‍රභාසංශ්ලේෂණය සිදු කරයි. ප්‍රභාසංශ්ලේශණය මගින් නිපදවන ඔක්සිජන් පොලිප් ජීවීන් ආශ්වාස කරයි. එපමණක් නොව කොරල් වලට සුන්දර වර්ණ ලැබෙන්නේ සුසැන්තලේ ගෙනි.

පටුන

[edit] හිරිගල් පර වර්ධනයට අවශ්‍ය සාධක

ලෝකයේ පවතින සෑම මුහුදකම හිරිගල් පර වර්ධනය වන්නේ නැත. හිරිගල් පර වර්ධනය සඳහා සුදුසු විශේෂිත පරිසර පද්ධතියක් ඇති සාගර වල පමණක් හිරිගල් පර වර්ධය වේ. එම විශේෂිත අවශ්‍යතා මොනවාද යන්න පහත දැක්වේ.

  • සාගර ජලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 20-30 අතර පරාසයක විය යුතුය.
  • සාගර ජලයේ ලවණතාවය කොටස් 30-35 අතර නොවෙනස්ව පැවතිය යුතුය.
  • සූර්යයාලෝකය හොඳින් සාගර පත්ලට ලැබිය යුතුය.
  • ඉතා පිරිසිදු ජලයක් පැවතිය යුතුය.
  • සාගර පත්ල පොලිප් ජීවියාට පදිංචි වීමට සුදුසු තත්වයට තැනිතලා, ස්ථාවර එකක් විය යුතුය.

සාගර ජලයේ උෂ්ණත්වය එකවර සෙන්ටිග්‍රේඩ් අංශක 2 කින් පමණ වෙනස් වුවහොත් හිරිගල් පර විනාශ විය හැක. එයට හේතුව වන්නේ උෂ්ණත්වයේ ක්ෂණික වෙනස් වීම පොලිප් ජීවියාට ඔරොත්තු නොදෙන බැවින් එම ජීවියා මැරි යාමයි. එම ජීවියා විනාශ වු විට හිරිගල් පර වර්ධනයක් නොවන බැවින් හිරිගල් පර , අජීවී තත්වයට පත් වී විනාශ වී යයි. එම තත්වයම සාගර ලවණතාවය වෙනස් වූ විටද සිදුවිය හැක. කොරල් පර වර්ධනය මීටර් 50 දක්වා වූ ගැඹුරු මුහුද දක්වා සිදුවේ. එයට හේතුව සූර්යය තාපය ඊට වඩා ගැඹුරට නොයන බැවිනි.

කොරල් පර
කොරල් පර

[edit] හිරිගල් වලින් මිනිසුන් ලබා ගන්නා ප්‍රයෝජන

  • මසුනු,පොකිරිස්සන්, කකුළුවන්, බෙල්ලන් වැනි ආහාරයට සුදුසු ජීවීන්ආහාරයට ලබා ගැනීම.
  • පසෙහි ආම්ලිකත්වය උදාසීන කිරීම සඳහා රසායනයක් ලෙස යොදා ගැනීම.
  • අපනයන සඳහා විසිතුරු මසුන් ගල්මල් ලබා ගැනීම.
  • ලියුකේමියා සහ පිළිකා වැනි රෝග වලට අවශ්‍ය බෙහෙත් වර්ග ලබා ගැනීම.
  • ඉදිකිරීම් කටයුතු සඳහා හුණු ලබා ගැනීම.

හිරිගල් පර ආශ්‍රිත වෙනත් ජීවීන්ගෙන් මිනිසාට අනාගතයේදී ලබා ගත හැකි ඵල ප්‍රයෝජන වැඩි වනු ඇත. මෑතදී ඇති වූ සීඝ්‍ර ජන සංඛ්‍යා වර්ධනයත් සමඟ හිරිගල් ආශ්‍රයෙන් ලබා ගන්නා ප්‍රයෝජන වේගවත් වී ති බේ.මේ තත්වය යටතේ මිනිසා මෙම මහඟු සම්පත ප්‍රමාණය ඉක්මවා ප්‍රයෝජනයට ගෙන ඇත. එබැවින් මෙම සම්පත තර්ජනයකට මුහුණ දී ඇත.ඒ සමඟම වෙරළ බඩ ඇති ඇතිවන පරිසර දූෂණයන්ද (අපද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය වැනි දේ ගංඟාවනට සහ මුහුදට යැවීම) මෙම පද්ධතිය පිරිහී යාමට හේතු වී ඇත.

[edit] හිරිගල් පර විනාශ වීමට තුඩු දෙන හේතු.

මිනිසා හුදු අනිතගාමී ලාභ ප්‍රයෝජන සඳහා කොරල් පර ප්‍රදේශ යොදා ගැනීම නිසා එම පර වලට වන හානිය ස්වභාවික ක්‍රියාවලියෙන් වන හානියටත් වඩා අති මහත් ය.එවැනි අවස්ථා කිහිපයක් නම්,

  • පත්ල සූරාගෙන යාහැකි දැල් වලින් මසුන් ඇල්ලීම.

මේ මගින් මුහුදු පැලෑටි සහ කොරල් සහ වෙනත් සියලුම ජීවීහු කැඩී විනාශ වී යයි.

  • ඩයිනමයිට් දමා මසුන් ඇල්ලීම.

ඩයිනමයිට් භාවිතය නිසා ඇති වන කම්පනය මගින් ලොකු කුඩා ජීවීහු විශාල වශයෙන් විනාශ වෙති.මේ මගින් කොරල් පරද දෙදරා ගොස් එහි ස්ථාවරත්වයට හානි පැමිණේ.

  • හුණු ලබා ගැනීම සඳහා හිරිගල් ඉවත් කිරීම.

මෙය පාරම්පරිකව කෙරෙන වෘත්තියකට සම්බන්ධ ක්‍රියාවලියකි. එහෙත් මෑතක සිට ගොඩනැගිලි ඉදිකිරීම් වේගවත් වීම නිසා හුණු ඉල්ලුමද වේගවත් වී තිබේ.මේ මගින් කොරල් පර සීඝ්‍රයෙන් විනාශ වීමට හේතු වේ.

  • සිහිවටන සඳහා තබා ගැනීමට හිරිගල් කැඩීම.

සංචාරක කර්මාන්තය දියුණු ප්‍රදේශවල මෙය බලව සිදුවේ.

  • ජල දූෂණය

මුහුද ආශ්‍රිත වෙරළ කොටස් වල සුදු කොහු සෑදීම සඳහා පොල්ලෙලි ගෙන පල් කිරීම හේතු කොට ගෙන කොරල් පර විනාශ විය හැක.

  • යාන්ත්‍රික බෝට්ටු නතර කිරීමට නැංගුරම් භාවිතා කිරීම.

විශේෂහෙන්ම කොරල් පර සහිත ප්‍රදේශවල යාන්ත්‍රික බෝට්ටු වල නැංගුරම් මුහුදු පත්ලට බැස්සවීම නිසා කොරල් පර සීරීයාම සහ කැඩී යාම මගින් ඒවා විනාශයට පත් වේ.

  • වනාන්තර එළි පෙහෙළි කිරීමෙන් කොරල් පර විනාශ වී යාම.

ගංඟා නිම්න ප්‍රදේශවලට පෝෂක ප්‍රදේශ එළි කිරීම නිසා ගං වතුර ඇතිවේ. මෙහිදී ගං වතුර ගෙන එන රොන්මඩ අධික ප්‍රමාණයක් කොරල් පර සහිත ප්‍රදේශවල අධික ලෙස තැන්පත් වී ඒවා වැසී යාමෙන් කොරල් පර වර්ධනයට බාධා පැමිණේ.

[edit] හිරිගල් පර සංරක්ෂණය

මිනිසාට ආර්ථික වශයෙන් ඉමහත් ප්‍රයෝජනයක් ලබා දෙන්නා වු හිරිගල් ආශ්‍රිත මුහුදු ප්‍රදේශ එක් අතකින් මිනිසාට සෞන්දර්යය ලබා දීමෙන් මානසික තෘප්තියක් ඇති වේ. මුහුදු ජීවීන් සංඛ්‍යාවකට රැකවරණය ද සලසයි. මේ නිසා හිරිගල් පර වලින් ප්‍රයෝජන ගැනීමේදී මිනිසා මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇත. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ කල්කුඩා ප්‍රදේශයේ හිරිගල් කැඩීම නතර කිරීම නිසා ස්වභාවික ව තැන්පත් වු හිරිගල් වැටියක් නිර්මාණය වී ඉතා කෙටි කාලයකදී වෙරළ තීරයක් ගොඩ නැගී ඇත. ලෝකයේ වෙනත් රටවල් හිරිගල් පර සම්පත වැඩි කිරීම සඳහා කෘත්‍රීම ලෙස හිරිගල් නිර්මාණය කෙරේ.

තවත් සමහර රටවල පරණ නැව් මුහුදේ ගිල්වීමෙන් හිරිගල් වැඩීමට ඉඩ සලසා ඇත. දැනට ලංකාවේ හික්කඩුව ප්‍රදේශය තුළ අක්කර 110 ක සාගර අභය භූමියක් පිහිටුවා ඇත. එය 1979 සී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති කරන ලද්දකි.


aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu -