Web Analytics Made Easy - Statcounter

See also ebooksgratis.com: no banners, no cookies, totally FREE.

CLASSICISTRANIERI HOME PAGE - YOUTUBE CHANNEL
Privacy Policy Cookie Policy Terms and Conditions
අත්අඩංගුවට ගැනීම - Wikipedia

අත්අඩංගුවට ගැනීම

From Wikipedia

අත්අඩංගුවට ගැනීම යනු සාම නිළධාරියකු ,පොලිස් නිළධාරියකු හෝ සාමාන්‍ය පුද්ගලයකු විසින් යම් වරදක් සම්බන්ධයෙන් යමෙකුගේ පුද්ගලික නිදහස සීමා කිරීමය

‍නීති ප්‍රතිපාදන

  • 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
  • 1883 දණ්ඩනීති සංග්‍රහය
  • 1975 අංක 15 දරණ අපරාධ නඩුවිධාන සංග්‍රහ පනත
  • 2005 අංක 15 දරන අපරාධ නඩුවිධාන සංග්‍රහ සංශෝධන පනත

අත්අඩංගුවට ගැනීම නීතියේ ප්‍රතිපාදන වලට අනුව කළ යුතුය. (1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ-13(1)වගන්තිය)


පටුන

[edit] කාර්ය පටිපාටිය හා නීති තත්වය:


1975 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත අදාළ වේ.

23 වගන්තිය

"යමෙකු අත්අඩංගුවට ගැනීමේදී ඔහු වචනයෙන් හෝ ක්‍රයාවෙන් අවනත නොවුනහොත් ඔහුගේ ශරීරය ස්පර්ශකර අත්අඩංගුවට ගැනීම කළ යුතුය"

පියසිරි එ නිමල් ප්‍රනාන්දු

යමෙකුට නිදහසේ ගමන්කිරීමට අවස්ථාවක් නොදෙමින් එකී අයිතිය සීමාකිරීමද අත්අඩංගුවට ගැනීමක් බව අධිකරණය ප්‍රකාශ කළා.


අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයාට ඒ සදහා පදනම් වූ හේතුව තේරුම්කර දිය යුතුය.

(අ.න.වි.සං 53 වගන්තිය)


[edit] අත්අඩංගුවට ගැනීමේදී බලය පාවිච්චි කිරීම:-

ප්‍රතිරෝධය පෑවොත් හෝ මගහැරීමට උත්සාහ කලොත් ඒ සඳහා අවම බලය ‍පාවිච්චි කළ හැක.

(අ.න.වි.සං 23(2)වගන්තිය)


අත්අඩංගුවට ගැනීමේදී මරණය සිදුකළ නොහැක.

නමුත් මරණීය දණ්ඩනය දියහැකි වරදකට චෝදනා ලැබූ අයෙක් අත්අඩංගුවට ගැනීම සඳහා මරණය සිදුකිරීමට පවා හැකියාව ඇත.

(අ.න.වි.සං 23(3)වගන්තිය)


රජය එ වන්නපු තිසාහාමි

ඒ තැනැත්තාට වෙඩිතැබීමේ අයිතිය පොලිස් නිළධාරීන්ට ඇති බව මෙහිදී ප්‍රකාශ විය.


සංඥය වරදක්ද? නැද්ද? යන්න අ.න.වි.සං පළමුවන උප‍ලේඛනයේ 3 වන තීරයේ සඳයන් තොරතුරු අනුව තීරණය කරයි.

[edit] වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි අවස්ථා:-

අ.න.වි.සං 32 වගන්තිය අදාල වේ.

1) තමා ඉදිරිපිටදී සාමය කඩකරන තැනැත්තෙකු

2)සංඥය වරදකට සම්බන්ධ වූ අයෙකු බවට,

  • පැමිණිල්ලක් ලැබී තිබීම.
  • විශ්වාස කටයුතු තොරතුරක් ලැබී තිබීම.
  • සාධාරණ සැකයක් පැවතීම.


ඩැනී එ පොලිස් ස්ථානාධිපති-හලාවත(2001/1SLR/29)

ශිරාණි බණ්ඩාරනායක විනිස "වරෙන්තුවක් කනොමැතිව අත්අඩංගුවට ගැනීමේදී ඉහත කරුණුවලින් එකක් පැවතීම අත්‍යාවශ්‍ය බව" ප්‍රකාශ කරන ලදී.


‍ජෙරාඩ් මර්වින් පෙරේරා එ පොලිස් ස්ථානාධිපති-හලාවත(2003/1SLR/317)

ඉහත නඩුවට සමාන අදහසකි.


3)නීත්‍යානුකූල හේතුවක් නොමැතිව ගෙවල් බිඳින උපකරණ ළඟ තබාගෙන සිටින අයෙකු

4)වරද කරන්නෙකු ලෙස ප්‍රකාශයට පත්කර ඇති අයෙකු

5)සොරකම් කරන ලද දෙයක් ළඟ තබාගෙන සිටියදී අසුවූ අ‍යෙකු

6)සාම නිළධාරියෙකුගේ රාජකාරියට බාධා කරන හෝ අත්අඩංගුවෙන් පැනයාමට තැත්කරන අයෙකු

7)ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවෙන් පලා යන්නෙකු බව සාධාරණව සැක කළහැකි අවස්ථාවකදී.

[edit] සාමාන්‍ය පුද්ගලයකු විසින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි අවස්ථා:-

අ.න.වි.සං 35 වගන්තිය අදාල වේ.

1)තමා ඉදිරිපිටදී සංඥය වරදක් කරන තැනැත්තෙකු

2)වරදකරු ලෙස ප්‍රකාශයට පත්කර ඇති තැනැත්තෙකු

3)පැන දුවන්නා වූද ,සංඥය වරදක් කළ තැනැත්තෙකු යැයි සැකකිරීමට සාධාරණ හේතු ඇති අයෙකු


[edit] සංඥය නොවන වරදකදී වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි අවස්ථා:-

අ.න.වි.සං 33 වගන්තිය අදාල වේ.

1)එම තැනැත්තා ඔහුගේ නම ,ලිපිනය දීම ප්‍රතික්ෂේප කළවිට හෝ අසත්‍ය නමක් ,ලිපිනයක් දෙන බවට හැඟී ගිය අවස්ථාවකදී,

2)එම තැනැත්තා ලංකාවේ ස්ථීර පදිංචියක් නැති අයෙකු හෝ රට හැරයාමට ඉතැ ආසන්න බවට හැඟී ගිය අවස්ථාවකදී,


[edit] සැඟවී සිටින අයෙකු අත්අඩංගුවට ගැනීම:-

අ.න.වි.සංග්‍රහයේ 24,25 වගන්ති අදාල වේ.

අත්අඩංගුවට ගතයුතු කෙනාගේ හෝ වෙනත් අයෙකුගේ යම් ස්ථානයක බාහිර හෝ අභ්‍යන්තර දොරක් කවුළුවක් කඩා එය විවෘතකර ඇතුලු වී සැඟවී සිටින අයෙකු අත්අඩංගුවට ගත හැක.

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලිඛිතවීම,අධිකරණ විනිසුරුවරයකු විසින් අත්සන්කර තිබීම අවශ්‍යය.

(අ.න.වි.සං 50 වගන්තිය)

  • අත්අඩංගුවට ගනුලැබූ තැනැත්තෙකු පැය 24ක් ඇතුලත මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත්කළ යුතුය.
  • මහේස්ත්‍රාත් නියෝගයක් මත වැඩිදුර විමර්ශන සඳහා එකී කාලය පැය 48ක් නොඉක්මවූ කාලයක් දක්වා දීර්ඝකරවාගත හැක.

(2005 අංක 15 දරණ අ.න.වි.සං(සංශෝධිත)පනත)අදාල වේ.


[edit] මේ අඩවිත් බලන්න

නීතිය

පොලිස් විමර්ශන


[edit] අඩවියෙන් බැහැර පිටු

Lawnet


aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu -