Web Analytics Made Easy - Statcounter

See also ebooksgratis.com: no banners, no cookies, totally FREE.

CLASSICISTRANIERI HOME PAGE - YOUTUBE CHANNEL
Privacy Policy Cookie Policy Terms and Conditions
මොසිල්ලා ෆයර්‍ෆොක්ස් - Wikipedia

මොසිල්ලා ෆයර්‍ෆොක්ස්

From Wikipedia

මොසිල්ලා ෆයර්‍ෆොක්ස්

මොසිල්ලා ෆයර්ෆොක් 2.0.0.12 අනුවාදය වින්ඩෝස් එක්ස්පී මත දිස්වන අයුරු
මෘදුකාංග සංවර්ධනය මොසිල්ලා සමාගම / මොසිල්ලා පදනම
ක්‍රමලේඛන බස(බාසාවන්) C++, XUL, XBL, JavaScript
මෙහෙයුම් පද්ධතිය Cross-platform
Platform ගෙකෝ පිරිසැලසුම් යන්ත්‍රය (Gecko layout engine)
ලබාගතහැකි භාෂා(ව) බහුභාෂික
වර්ගය වෙබ් බ්‍රව්සර
License Mozilla EULA දෙවනවර නැවත බෙදාහැරීම සඳහා
වෙබ් අඩවිය http://www.mozilla.com/firefox/

මොසිල්ලා ෆයර්‍ෆොක්ස් යනු මොසිල්ලා සමාගම විසින් පවත්වාගෙන යන මොසිල්ලා ඇප්ලිකේෂන් ස්යිට් වෙතින් බිඳි ආ වෙබ් බ්‍රව්සර ව්‍යාපෘතියකි. 2007 දෙසැම්බර් වන විට 16.8% ක වෙළඳපොල කොටසක් තමා සතු කරගනිමින් ෆයර්ෆොක්ස් [1] වර්තමාන ලෝකයේ භාවිතාවන දෙවන ජනඃප්‍රියම වෙබ් බ්‍රවුසරය බවට පත්විය.

වර්තමාන වෙබ් සම්මතයන් යටතේ ක්‍රියාත්මක වන විවෘත මූල ගෙකෝ පිරිසැලසුම් යන්ත්‍රය (Gecko layout engine) ෆයර්ෆොක්ස් විසින් භාවිතා කරන අතර අමතරව වෙබ් සම්මතයන්ට එකතු කිරිමේ බලාපොරොත්තුවෙන් ක්‍රියාත්මක කරන තවත් විශේෂාංග කිහිපයක් ද භාවිතා කරයි.

පටිතිගත පිරික්සුම (tabbed browsing), අක්ෂරවින්‍යාසය සෝදිසි කිරිමේ මෙවළමක් (spell checker), වෘද්ධි සේවීම් (incremental find), සජීවි පිටුසන් කිරීම (live bookmarking), බාගත කිරීම් කළමණාකාරකයක් (download manager) සහ ගූගල් වල ඇතුලත් වන සෙවුම් පද්ධතියක් ෆයර්ෆොක්ස් තුල අන්තර්ගතය. තෙවන පාර්ශවයේ සංවර්ධකයින් විසින් නිපදවන ලද 2,000 කටත් වැඩි ඈඳුම් (add-ons) මගින් මෙයට තවත් ක්‍රියාකාරකම් එකතු කර ගතහැකි [2] අතර FoxyTunes (සංගීත ධාවකයන් පාලනය කිරිමට හැකිය), Adblock Plus (දැන්වීම් බාදකයකි), StumbleUpon (වෙබ් අඩවි අනාවරණය කරන්නකි), DownThemAll! (බාගත කිරීම් කළහැකි ඈඳුමකි) සහ Web Developer (වෙබ් මෙවළමකි) මෙයින් වඩාත්ම ජනඃප්‍රිය ඈඳුම් වෙයි.[3]

ෆයර්ෆොක්ස් නොයෙක් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්, මැක් OS X සහ ලිනක්ස් අනුවාදයන්(Versions) මත ක්‍රියාත්මක කලහැක. මෙහි වර්තමාන ස්ථායි (stable) නිකුතුව 2.0.0.11 අනුවාදය වන අතර, එය 2007 නොවැම්බර් 30 වෙනිදා නිකුත් කරන ලදී.[4] ෆයර්ෆොක්ස්හි මූල කේතය ෙමා්සිල්ලා ට්‍රයි-ලයිසන්ස් (tri-license) නියමයන්ට යටත් වූ නොමිලේ සහ විවෘත ‍මූල මෘදුකාංගයක් ලෙස ගැනේ.[5]

පටුන

[edit] ඉතිහාසය

ඩේව් හයිට් (Dave Hyatt) සහ බ්ලේක් රෝස් (Blake Ross) ෙමා්සිල්ලා ව්‍යාපෘතියේ පරික්ෂණාත්මක ශාඛාවක් වූ ෆයර්ෆොක්ස් ව්‍යාපෘතියේ වැඩ කිරීම ආරම්භ කරන ලදී. ඔවුන් නෙට්ස්කේප් වල අනුග්‍රාහකත්වයේ ව්‍යාපාරික අවශ්‍යතාව සහ වැඩසටහන් සංවර්ධකයින් විසින් පවත්වාගෙන යන අනවශ්‍ය විශේෂාංග නිසා ෙමා්සිල්ලා බ්‍රවුසරයේ උපයෝගීතාවය පහත වැටීම සිදුවන බව පිළිබඳ විශ්වාස කරන ලදී.[6] පසුව ඔවුන් විසින්, කිසිවක් හා එකට සම්බන්ධ නොවු බ්‍රවුසරයක්, ෙමා්සිල්ලා ස්යිට් ප්‍රතිස්ථාපනය කිරිමේ අදහසින් නිර්මාණය කරන ලදී. 2003 අප්‍රේල් 3 වන දා ෙමා්සිල්ලා පදනම තම අරමුණ ෙමා්සිල්ලා ස්යිට් සිට ෆයර්ෆොක්ස් සහ තන්ඩර්බර්ඩ් දක්වා වෙනස් කරීමට සැලසුම් කරන බව නිවේදනය කලේය.[7]

ෆයර්ෆොක්ස් ව්‍යාපෘතිය නම් වෙනස් කිරීම් කිහිපයකට භාජනය වුනි. මුලින්ම මෙය ෆීනික්ස් (Phoenix) ලෙස නම් කරන ලදී. පරිගණක බයෝස්(BIOS) මෘදුකාංග නිර්මාණය කරන සමාගමක් වන ෆීනික්ස් ටෙක්නොලොජීස් සමඟ පැනනැගුනු වෙළඳනාම පිළිබඳ ගැටලුවක් නිසා මෙම නාමය වෙනස් කරන ලදී. ෆයර්බර්ඩ් නමින් නැවත නම් කරන ලද අතර මීට එරෙහිව නොමිලයේ බෙදාහරින ෆයර්බර්ඩ් දත්ත සමුදා මෘදුකාංග ව්‍යාපෘතිය (Firebird free database software project) විසින් දැඩි ප්‍රතිචාර දක්වන ලදී.[8][9][10] ඊට ප්‍රතිචාර ලෙස; මෙම දත්ත සමුදා මෘදුකාංග ව්‍යාපෘතිය සමඟ ඇතිවන පටලැවිලි සහගත තත්ත්වය මග හැරීම සඳහා ෙමා්සිල්ලා පදනම විසින් බ්‍රවුසර නාමය සෑම විටම ෙමා්සිල්ලා ෆයර්බර්ඩ් ලෙසින් විය යැයි ප්‍රකාශයට පත් කරන ලදී. දිගින් දිගටම මෙම දත්ත සමුදා සර්වර් සංවර්ධක ප්‍රජාවගෙන් එල්ල වූ බලපෑම නිසා මොසිල්ලා ෆයර්බර්ඩ් නාමය 2004 නොවැම්බර් 9 වන දින ෙමා්සිල්ලා ෆයර්ෆොක්ස් බවට පත්වුනි.[11] මෙය බොහොවිට ෆයර්ෆොක්ස් ලෙසින් පමණක් දක්වා සිටින අතර Fx හෝ fx ලෙස ලඝු කොට දක්වයි.[12]


2004 නොවැම්බර් 9 වනි දා එළි දුටු ෆයර්ෆොක්ස් හි 1.0 අනුවාදයට පෙර ෆයර්ෆොක්ස් ව්‍යාපෘතිය බොහෝ අනුවාද මතින් ගමන් කරන තිබුනි. ස්ථායිතාව සහ ආරක්ෂක තිර කිරිම් (fixes) වලට අමතරව ෙමා්සිල්ලා පදනම විසින් පළමු ප්‍රධාන යාවත්කාලීන කිරීම (Update) ෆයර්ෆොක්ස් 1.5 අනුවාදයට 2005 නොවැම්බර් 29 වන දින නිකුත් කරන ලදී. ෆයර්ෆොක්ස් 2 අනුවාදය 2006 ඔක්තෝබර් 24 දා එළි දැක්විය. මෙහි පටිතිගත පිරික්සුම් පරිසරය (Tabbed browsing environment), දිගු කළමණාකාරකය (Extensions manager), GUI, සොයා ගැනීම් (find), සෙවුම් (search) සහ යාවත්කාලීන යන්ත්‍ර; සඳහා යාවත්කාලීන කිරීම් සහ නව සැසියක් පිළිනැගීමේ (session restore) විශේෂාංගය; පේළිගත අක්ෂරවින්‍යාසය පිරික්සීම (inline spell checking) සහ දිගුවක් ලෙසින් ගූගල් විසින් ක්‍රියාවට නැන්වූ ප්‍රති-තතුබෑමේ (anti-phishing) විශේෂාංගය[13][14] ඇතුලත්ව තිබුනු අතර පසුව මේවා ක්‍රමලේඛනය තුලටම ඒකාබද්ධ කෙරින.[15] 2007 දෙසැම්බරයේ දී ෆයර්ෆොක්ස් ලයිව් චැට් (Firefox Live Chat) සේවාව දියත් කරන ලදී. එය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවන් විසින් ජීව් සොෆ්ට්වෙයා Jive Software විසින් බලගැන්වු පද්ධතියක් හරහා සිදු කරන ලබයි. ඕනෑම අයෙකුට ප්‍රශ්ණයක් ඇසිමේ හැකියාව මෙහිදී ඇති අතර මෙහෙයුම් කටයුතු සිදුකරන වේලාව තුලදී ප්‍රතිචාරයක් එයට දැක්වීම සහතික කරයි. මෙහෙයුම් කටයුතු සිදුකරන වේලාවෙන් පසුව දී හෝ නියෝජිතයකු හා සම්බන්ධ වී කතාබස් කිරිමේ ඉඩ ප්‍රස්ථාව පැවතිය හැක.[16]


[edit] නිකුතු ඉතිහාසය

උපකාරක:
පැරණි අනුවාද වර්තමාණ අනුවාදය පෙර-නිකුතු අනුවාදය අනාගත අනුවාද
බ්‍රව්සර නාමය ගෙකෝ අනුවාදය (Gecko version) අනුවාදය කේතනාමය නිකුත් වූ/වන දිනය සැලකිය යුතු වෙනස්කම්
ෆීනික්ස් 1.2 0.1 පෙස්කැඩේරෝ (Pescadero) 2002 සැප්තැම්බර් 23 පළමු නිකුතුව; අභිරුචිකරණය කල හැකි මෙවලම් තීරුව (customizable toolbar), සීඝ්‍රසෙවීම (quicksearch).
0.2 සැන්ටා කෲස් (Santa Cruz) 2002 ඔක්තොබර් 01 පැති තීරුව (Sidebar), දිගු කළමණාකරණය (extension management).
0.3 ලුසියා (Lucia) 2002 ඔක්තොබර් 14 රූප බාදකය (Image blocking), උත්පතන බාදක ලැයිස්තුව (pop-up blocking whitelist), පටිතිගත පිරික්සුම.
1.3 0.4 ඕෂනෝ (Oceano) 2002 ඔක්තොබර් 19 තේමා (Themes), වැඩි දියුණු කල උත්පතන බාදක, මෙවලම් තීරුව අභිරුචිකරණය.
0.5 නේපල්ස් (Naples) 2002 දෙසැම්බර් 7 බහුවිධ මුල්පිටු (Multiple homepages), පැති තීරුව සහ ප්‍රවේශ්‍යතාවය වැඩි දියුණු කිරීම් (accessibility improvements), ඉතිහාසය
මොසිල්ලා ෆයර්බර්ඩ් 1.5 0.6 ග්ලෙන්ඩේල් (Glendale) 2003 මැයි 17 නව පෙරනිමි තේමාම (Qute), පිටුසන සහ පෞද්ගලිකත්වය (privacy) වැඩි දියුණු කිරීම්, සුමට රෝල් කිරීම (smooth scrolling), ස්වයංක්‍රීයව රූප නැවත ප්‍රමාණ කිරීම (automatic image resizing).
0.7 ඉන්ඩියෝ (Indio) 2003 ඔක්තොබර් 15 ස්වයංක්‍රීය රෝල් කිරීම, මුර පද කළමණාකාරකය (password manager), අභිරුචි පුවරුව (preferences panel) වැඩි දියුණු කිරීම්.
මොසිල්ලා ෆයර්ෆොක්ස් 1.6 0.8 රොයල් ඕක් (Royal Oak) 2004 පෙබරවාරි 9 වින්ඩෝස් ස්ථාපකය (Windows installer), නොබැඳි වැඩ කිරීම (offline working), පිටුසන් සහ බාන කළමණාකාරකය (download manager) වැඩි දියුණු කිරීම්, නව ලාංඡනයක් සමගින් ප්‍රති-සන්නාම කරන ලදී.
1.7 0.9 වන් ට්‍රී හිල් (One Tree Hill) 2004 ජූනි 15 නව පෙරනිමි තේමාම (Winstripe), පුඵල් දත්ත සංක්‍රමණය, නව දිගු/තේමා කළමණාකාරකය, ඌනිත බාන තරම (reduced download size), නව උදව් පද්ධතිය, ලිනක්ස් ස්ථාපකය (Linux installer), තැපැල් නිරූපකය (mail icon) (වින්ඩෝස් සඳහා පමණි).
1.0 ‍‍ෆීනික්ස් 2004 නොවැම්බර් 9 නිල අනුවාදය 1.0 නිකුතුව. නිල දේශීය කරන ලද නිපැයුම් (localized builds). RSS/Atom සංග්‍රහ සහය, සොයා ගැනීම් මෙවලම් තීරුව (find toolbar), පේනු මෘදුකාංග සොයන්නා (plugin finder). 2006 අප්‍රේල් 13 දා මෙහි 1.0.8 අනුවාදකය නිකුත් කිරීමත් සමග මෙම අනුවාදකය හා සම්බන්ධ සියලු ක්‍රියාකාරකම්/සේවාවන් නවත්වන ලදී.[17] (පැරණි අනුවාදක සඳහා දක්වන සහය; නව ප්‍රධාන අනුවාදකයක් එළි දැක්වීමෙන් මාස හයකට පසු නියමාකාරයෙන් නවත්වනු ලැබේ).[18]
1.8 1.5 ඩියර් පාක් (Deer Park) 2005 නොවැම්බර් 29 නිල අනුවාදය 1.5 නිකුතුව. නිල දේශීය කරන ලද නිපැයුම්. එස්වීජී(SVG) සහ කැන්වස් සඳහා සහය එක්කරන ලදී, UI යථාවත් කර ගැනීම් (UI adjustments), ජාවාස්ක්‍රිප්ට් 1.5 (JavaScript 1.5) සහ CSS 2/3 වල වැඩි දියුණු කිරීම්. 2007 මැයි 30 දා මෙහි 1.5.0.12 අනුවාදකය නිකුත් කිරීමත් සමග මේ හා සම්බන්ධ සියලු ක්‍රියාකාරකම්/සේවාවන් නවත්වන ලදී.[19]
ෙමා්සිල්ලා ෆයර්ෆොක්ස් 2 1.8.1 2.0 බොන් එකො (Bon Echo) 2006 ඔක්තෝබර් 24 නිල අනුවාදය 2.0 නිකුතුව. නිල දේශීය කරන ලද නිපැයුම්. බ්‍රවුසරය බිඳවැටිමකින් පසු සැසිය පිළිනැගීම (session restoration), ගූගල් සහ යාහු සඳහා සෙවුම් ඉඟි (search suggestion), පේනු කළමණාකාරකය (plugin) සහ ඇඳුම් (add-on) කළමණාකාරකය, වෙබ් සංග්‍රහ පෙරදසුන් පෙන්වීම (web feed previewing), පිටුසන් ක්ශුද්‍ර-සාරාංශ (bookmark microsummaries), ප්‍රති-තතුබෑම් (anti-phishing) නිවාරණය, වින්ස්ට්‍රිප් තේමාවේ නැවුම් කරණය වැනි නව විශේෂාංග එක් කරන ලදී. JavaScript 1.7 සඳහා සහය.
2.0.0.12 2007 පෙබරවාරි 07 වර්තමාන ස්ථායි අනුවාදය. ආරක්ෂක හා ස්ථායිභාවයට බලපැ හිඩැස් වල නිවැරදි කිරීම්
Mozilla Firefox 3 1.9 3.0b3 ෆයර්ෆොක්ස් 3.0 බීටා 3 2008 පෙබරවාරි 12 [20] චිත්‍රක සඳහා දත්ත මූලය (graphic backend) ‍‍‍ලෙස කයි‍‍රෝ චිත්‍රක පුස්තකාලය (Cairo graphic library) භාවිතා කරයි. OS X ‍මෙහෙයුම් පද්ධතිය සඳහා වන සෑදීම සඳහා ‍‍කොකොවා විජට්ස් (Cocoa widgets) ඇතුලත් ‍වේ. යෙදුම් ක්‍රමලේඛ අතුරුමුහුණතෙහි (API) ක්‍රියාවට නැගීම WHATWG ප්‍රජාවේ පිරිවිතර විසිනි. DOM සිද්ධීන් සිදුවෙන ආකාරයේ, HTML අංග ආරම්භ වෙන ආකාරයේ, වෙබ් පිටු චිත්‍රණය කරන ආකාරයේ, වෙනස් කිරීම්. නව SVG අංග සහ පෙරහන්, සහ වැඩි දියුණු වූ SVG පිරිවිතර එකඟත්වය. ඇසිඩ්2 (Acid2) පරික්ෂණ එකඟත්වය. වැඩි දියුණු කල නව පරිශීලක අතුරුමුහුණත, වෙනස් මෙහෙයුම් පද්ධති සඳහා වන පෙරනිමි තේමා සහ නව බාගත කිරීම් කළමණාකාරකයක් (download manager) ඇතුලත් වේ. තවදුරටත් වින්ඩෝස් 95, වින්ඩෝස් 98, වින්ඩෝස් ME සහ මැක් OS X 10.2 වන අනුවාදකය සඳහා සහය නොදක්වයි.
3.0 ග්‍රෑන් පැරඩයිසෝ (Gran Paradiso)
ෙමා්සිල්ලා ෆයර්ෆොක්ස් 4 2.0 4.0

[edit] විශේෂාංග

පටිතිගත පිරික්සුම (tabbed browsing), අක්ෂරවින්‍යාසය සෝදිසි කිරිමේ මෙවළම(spell checker), වෘද්ධි සේවීම් (incremental find), සජීවි පිටුසන් කිරීම (live bookmarking), සංගෘහිත බාගත කිරීම් කළමණාකාරකය (download manager) සහ ගූගල් වල ඇතුලත් වන සෙවුම් පද්ධතිය ෆයර්ෆොක්ස් වල ඇතුලත් විශේෂාංග වේ. "නියමාකාරයෙන් අන්ර්ජාලයේ සැරිසැරිය හැකි" (just surfs the web[21]) බ්‍රව්සරයක් නිපදවීම සහ "වඩා පුඵල් ජන කොටසකට ලඟාකර ගත හැකි හොඳම පිරික්සුම් අත්දැකීමක්" (best possible browsing experience to the widest possible set of people[22]) ලබාදීම ෆයර්ෆොක්ස් සංවර්ධකයින්ගේ අරමුණ විය. ‍නොයෙයක් තේමා සහ දිගු සමඟින් පරිශීලකයාට අභිමත පරිදි ෆයර්ෆොක්ස් වල වෙනස් කම් කිරිමේ හැකීයාව ඇත. නොයෙක් දේ කල හැකි ඈඳූම් (add-on) ගබඩාවක් මොසිල්ලා ආයතනය විසින් addons.mozilla.org හි පවත්වාගෙන යන අතර එහි 2007 සැප්තැම්බර් වන විට ඈඳූම් 2000 ක් පමණ[23] අඩංගු වී තිබුණි. ෆයර්ෆොක්ස් තුලම ඇතුලත් දෝස කොන්සෝලය (Error Console) හෝ ලේඛ වස්තු ආකෘතිය පරික්ෂකය (DOM Inspector) ආදී මෙවලම් හෝ ෆයර්බග් (Firefox extension) ආදී දිගු නිසා හෝ ‍ක්‍රමලේඛණ සංවර්ධකයින් සඳහාද වටපිටාවක් ෆයර්ෆොක් විසින් නිර්මාණය කර දෙයි.

[edit] සම්මතයන් සඳහා සහය

ඒ ඒ අනුවාදක සඳහා ෆයර්ෆොක්ස්වල
වෙළඳපොල කොටස
(2007 දෙසැම්බර්[24])
ෆයර්ෆොක්ස් 1.0 0.34 %
ෆයර්ෆොක්ස් 1.5 0.58 %
ෆයර්ෆොක්ස් 2 15.80 %
ෆයර්ෆොක්ස් 3 (පෙර නිකුතුව) 0.07 %
සියලු අනුවාදක 16.79+ %

HTML, XML, SVG 1.1 (අර්ධ වශයෙන්)[25], ප්‍රගමන විලාස පත (CSS), ECMAScript (JavaScript), ලේඛ වස්තු ආකෘතිය (DOM), MathML, ලේඛ වර්ග නිර්වචනය (DTD), XSL, XPath සහ ඇල්ෆා පාරදෘෂ්‍යතාව සහිත PNG රූප වැනි නොයෙක් වෙබ් සම්මතයන් (web standards) සඳහා ෙමා්සිල්ලා ෆයර්ෆොක්ස් සහය දක්වයි. [26] සේවාලාභී අන්ත සංචිත (client-side storage) වැනි WHATWG ප්‍රජාව විසින් නිර්මාණය තිබෙන සම්මත යෝජනා සඳහා ද[27][28] කැන්වස් අංග (canvas element)[29] සඳහා ද ෆයර්ෆොක්ස් සහය දක්වයි. ඇසිඩ්2 (Acid2) පරික්ෂණ එකඟත්වය සඳහා ෆයර්ෆොක්ස් 2 සහය නොදක්වන නමුත් ෆයර්ෆොක්ස් 3.0 බීටා 2 සහය දක්වයි.[30]

[edit] ආරක්ෂාව

සෑන්ඩ්බොක්ස් (sandbox) පරිගණක ආරක්ෂක යාන්ත්‍රණය ෆයර්ෆොක්ස් විසින් භාවිතා කරනු ලබන[31] අතර Same origin policy මත පදනම් වූ සෙසු වෙබ් අඩවි වලින් එන ලේඛන ක්‍රම (Scripts) දත්ත වලට පිවිසීම සීමා කරයි.[32]. ෆයර්ෆොක්ස් විසින් HTTPS ප්‍රොටෝකෝලය භාවිතා කරමින් වෙබ් සේවාදායකයක් (Web server) සමඟ සිදුකරන සන්නිවේදනයේ රහස්‍යයභාවය සුරක්ෂිත කිරිම සඳහා SSL/TLS ක්‍රමය භාවිතා කරයි.[33] එය වෙබ් යෙදුම් (applications) වලට සත්‍යාපන කටයුතු (authentication purposes) සඳහා ස්මාර්ට්කාඩ් භාවිතා කිරිම ද සහය ලබා දේ.[34] ෙමා්සිල්ලා පදනම ෆයර්ෆොක්ස් වල ඇති විශාල ආරක්ෂක සිදුරු සොයාගන්නා පරික්ෂකයන් හට පාරිතෝෂිකයක් ලබා දීම සඳහා bug bounty වැවසටහන ක්‍රියාත්මක කරයි.[35]

[edit] ලබා ඇති සම්මාන

  • වෙබ්වෙයා 100 (Webware 100) ජයග්‍රහකයා, 2007 ජූනි[36]
  • පීසී වර්ල්ඩ් 2007 වසරේ හොඳම නිෂ්පාදන 100, 2007 මැයි[37]
  • පීසී මැගසීන් සංස්කාරක කතෘවරයාගේ තේරීම, 2006 ඔක්තොබර්[38]
  • CNET සංස්කාරක කතෘවරයාගේ තේරීම, 2006 ඔක්තොබර්[39]
  • පීසී වර්ල්ඩ් 2006 වසරේ හොඳම නිෂ්පාදන 100, 2006 ජූලි[40]
  • පීසී මැගසීන් විශිෂ්ඨ තාක්ෂණ සම්මානය, මෘදුකාංග සහ සංවර්ධන මෙවලම් අංශය, 2006 ජනවාරි[41]
  • පීසී මැගසීන් වසරේ හොඳම සම්මානය, 2005 දෙසැම්බර් 27[42]
  • පීසි ප්‍රෝ රියල් වර්ල්ඩ් සම්මානය (ෙමා්සිල්ලා පදනම), 2005 දෙසැම්බර් 8[43]
  • CNET සංස්කාරක කතෘවරයාගේ තේරීම, 2005 නොවැම්බර්[44]
  • මහ බ්‍රිතාන්‍ය කාර්ය හැකියා වෘත්තිකයන්ගේ සංගමයේ (UK Usability Professionals' Association) 2005 වසරේ හොඳම මෘදුකාංග යෙදුම සම්මානය, 2005 නොවැම්බර්[45]
  • මැක්වර්ල්ඩ් (Macworld) සංස්කාරක කතෘවරයාගේ තේරීම 4.5lක ඇගයීමක් සහිත, 2005 නොවැම්බර්[46]
  • සොෆ්ට්පීඩියා පරිශීලක තේරීම සම්මානය, 2005 සැප්තැම්බර්[47]
  • 2005 වසරේ TUX පාඨක තේරීම සම්මානය, 2005 සැප්තැම්බර්[48]
  • පීසී වර්ල්ඩ් වසරේ නිෂ්පාදනය, 2005 ජූනී[49]
  • Forbes Best of the Web, 2005 මැයි[50]
  • පීසී මැගසීන් සංස්කාරක කතෘවරයාගේ තේරීම සම්මානය, 2005 මැයි[51]

[edit] මේවාත් බලන්න

[edit] යොමුව

  1. ප්‍රධාන වෙබ් බ්‍රවුසර සඳහා ඇති වෙළඳපොළ කොටස. නෙට් ඇප්ලිකේෂන්ස්. Retrieved on 2007-11-01.
  2. addons.mozilla.org Browse all Extensions පිටුව
  3. වඩාත්ම ජනඃප්‍රිය ෆයර්ෆොක්ස් ඈඳුම්. Retrieved 2007-10-30
  4. ෆයර්ෆොක්ස් 2.0.0.11 නිකුතු සටහන්. ෙමා්සිල්ලා. Retrieved on 2007-11-26.
  5. ෙමා්සිල්ලා පදනම. ෙමා්සිල්ලා කේත බලපත්‍රය. Retrieved on 2007-09-17.
  6. Goodger, Ben (2006-02-06). Where Did Firefox Come From?. Inside Firefox. Retrieved on 2007-01-24.
  7. Eich, Brendan; David Hyatt (2003-04-02). mozilla development roadmap. Mozilla. Retrieved on 2007-01-24.
  8. Mozilla browser becomes Firebird. IBPhoenix.com. Retrieved on 2007-01-30.
  9. Dahdah, Howard (2003-04-17). Mozilla 'dirty deed' brings out a Firey response. LinuxWorld.com.au. Retrieved on 2007-01-30. “"This must be one of the dirtiest deeds I've seen in open source so far," said Helen Borrie, a Firebird project administrator and documenter.”
  10. Festa, Paul (2003-05-06). Mozilla's Firebird gets wings clipped. CNET.com. Retrieved on 2007-01-30.
  11. Festa, Paul (February 9, 2004). Mozilla holds 'fire' in naming fight. CNET News.com. Retrieved on 2007-01-24.
  12. Firefox 1.5 Release Notes. mozilla.com. Retrieved on 2008-01-03.
  13. Google Safe Browsing for Firefox. Google.com. Retrieved on 2007-02-05.
  14. Mozilla.org wiki contributors. Phishing Protection Design Documentation - Background. Mozilla.org wiki. Retrieved on 2007-01-24.
  15. Mozilla Firefox 2 Release Notes. Mozilla Corporation. Retrieved on 2006-12-19.
  16. http://blog.mozilla.com/sumo/2007/12/28/firefox-live-chat-launching-today/
  17. Beard, Christopher (April 13 2006). Firefox 1.0.8 Security and Stability Release and End-of-Life for 1.0.x. Mozilla Developer Center. Retrieved on 2007-10-28.
  18. Release Roadmap. Mozilla Wiki. Retrieved on 2007-11-17.
  19. Hashem, Basil (May 30 2007). Firefox 2.0.0.4 and Firefox 1.5.0.12 Security and Stability Update. Mozilla Developer Center. Retrieved on 2007-10-28.
  20. http://wiki.mozilla.org/Firefox3/Schedule Firefox3/Schedule
  21. Ross, Blake (January 22, 2005). The Firefox religion. Blakeross.com (Blake Ross' weblog). Retrieved on 2007-01-24.
  22. Goodger, Ben (November 28, 2004). Mozilla Firefox Development Charter. mozilla.org. Retrieved on 2007-01-24.
  23. addons.mozilla.org Browse all Extensions page
  24. Browser Version Market Share for November, 2007
  25. SVG in Firefox. Retrieved on 2007-09-30.
  26. Mozilla Developer Center contributors (2007-01-21). Which open standards is the Gecko development project working to support, and to what extent does it support them?. Gecko FAQ. mozilla developer center. Retrieved on 2007-01-24.
  27. WHATWG specification - Web Applications 1.0 - Working Draft. Client-side session and persistent storage. WHATWG.org (February 7, 2007). Retrieved on 2007-02-07.
  28. Mozilla Developer Center contributors (September 30, 2007). DOM:Storage. Mozilla Developer Center. Retrieved on 2007-02-07.
  29. Dumbill, Edd (December 6, 2005). The future of HTML, Part 1: WHATWG. IBM. Retrieved on 2007-01-24.
  30. Fulton, Scott (2007-12-20). Latest Firefox beta passes Acid2 test, IE8 claims to pass also. Betanews.com. Retrieved on 2007-12-21.
  31. Ranganathan, Arun; Netscape Communications (November 11, 2002). Bypassing Security Restrictions and Signing Code. mozilla developer center. Retrieved on 2007-01-24.
  32. The Same Origin Policy. mozilla.org (2001-06-08). Retrieved on 2007-11-12.
  33. Privacy & Security Preferences - SSL. mozilla.org (August 31, 2001). Retrieved on 2007-01-24.
  34. Developer documentation on using PKCS#11 modules (primarily smart cards) for cryptographic purposes
  35. Mozilla Security Bug Bounty Program. mozilla.org (2004-09-03). Retrieved on 2007-11-21.
  36. Webware 100 Award Winner Firefox. Retrieved on 2007-10-22.
  37. The 100 Best Products of 2007. Retrieved on 2007-10-22.
  38. Firefox 2.0 Review. Retrieved on 2007-10-22.
  39. Firefox 2 CNET Editor's Review. Retrieved on 2007-10-22.
  40. The 100 Best Products of 2006. Retrieved on 2007-10-22.
  41. Mozilla Firefox & Altiris SVS. Retrieved on 2007-10-22.
  42. Best of the Year, Software: Home, Firefox. Retrieved on 2007-10-22.
  43. PC Pro Awards 2005 - the winners. Retrieved on 2007-10-22.
  44. Firefox 1.5, CNET editors' review. Retrieved on 2007-10-22.
  45. First UK UPA Awards commend Firefox, Flickr, Google, Apple, John Lewis and BA. Retrieved on 2007-10-22.
  46. Web browser roundup. Retrieved on 2007-10-22.
  47. Firefox Receives Softpedia User’s Choice Award. Retrieved on 2007-10-22.
  48. UX 2005 Readers' Choice Award Winners Announced. Retrieved on 2007-10-22.
  49. The 100 Best Products of 2005. Retrieved on 2007-10-22.
  50. Best of the Web, BOW Directory, Look It Up, Web Browsers, Firefox. Retrieved on 2007-10-22.
  51. Firefox 1.0.3. Retrieved on 2007-10-22.

[edit] වැඩිදුරට කියවීම සඳහා

  • Granneman, Scott (2005). Don't Click on the Blue e!: Switching to Firefox. O'Reilly. ISBN 0-596-00939-9. 
  • Hofmann, Chris; Marcia Knous, & John Hedtke (2005). Firefox and Thunderbird Garage. Prentice Hall PTR. ISBN 0-13-187004-1. 
  • McFarlane, Nigel (2005). Firefox Hacks. O'Reilly. ISBN 0-596-00928-3. 
  • Reyes, Mel (2005). Hacking Firefox: More Than 150 Hacks, Mods, and Customizations. Wiley. ISBN 0-7645-9650-0. 
  • Ross, Blake (2006). Firefox for Dummies. Wiley. ISBN 0-471-74899-4. 
  • Cheah, Chu Yeow (2005). Firefox Secrets: A Need-To-Know Guide. O'Reilly. ISBN 0-9752402-4-2. 
  • Feldt, Kenneth C. (2007). Programming Firefox. O'Reilly. ISBN 0-596-10243-7. 

[edit] භාහිර සබැඳි


aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu -